විදුලි බිල්පත නිවැරදිව කියවමු. How to read electricity bill.




1. නම හා ලිපිනය : මෙහි ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය සදහන්ව ඇත. ( නම හා ලිපිනය වෙනස් කරන අයුරු සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

2. පසුගිය බිල්පතෙහි සදහන්ව තිබූ ගෙවිය යුතු මුළු මුදල.

3. පසුගිය බිල්පත වනතුරු ඔබගේ ගිණුමේ තිබූ හිග මුදල.

4. පසුගිය බිල්පතට අදාල අයකිරීම.( පසුගිය බිල්පත සැකසුනු අයුරු බිල්පතෙහි ඇති අතර එය කියවන අයුරු සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

5. පසුගිය බිල්පත වනතුරු ඔබගේ ගිණුමේ තිබූ හිග මුදල හා පසුගිය බිල්පතට අදාල අයකිරීමෙහි එකතුව.

6. ඔබ කරන ලද ගෙවීම් CR ලෙස ඇතුලත් වේ.(ඔබගේ ගෙවීම් කරනලද දිනය අංක 7හි ඉදිරියෙන් ඇති දිනයට කලින්  නොවෙයි නම් එම මුදල් බිල්පතෙහි මුද්‍රණය නොවෙයි.)
සංශෝධන CR හෝ DR ලෙස ඇතුලත් වේ.( ඔබගේ බිල්පතෙහි මනු කියවුම් දෝශ හෝ අක්‍රමිකතා මගින් නිවැරදි කරන කියවුම් වලින් ලැබෙන මුදල් මෙහි සටහන් වේ.)
වට්ටම්ද මෙහි සටහන් වේ.( ණයක්‍රමයන්ට ලබාගෙන ඇත්නම් එම වාරික, නොගෙවූ මුදලට අදාල පොළිය යනාදිය මෙහි සටහන් වෙයි මේ පිලිබන්ද වැඩි විස්තර සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

7. ඉහත 5 හි ඇති අගයට 6 හි ඇති මුදල් ( CR හෝ DR ලෙස) එකතුවී මෙහි සටහන් වේ.

8. ඔබගේ නිවසේ සවිකර ඇති මනුවේ අංකය මෙහි සදහන් වේ.
8.1. මනු දෙකක් ඇතිනම් මෙහි දෙවන මනු අංකය සටහන් වේ. (Net Accounting)
8.2. මනු තුනක් ඇතිනම් මෙහි තෙවන මනු අංකය සටහන් වේ. (Net meteringහි BringForward අගය වෙනම මනුවක් ලෙස මෙහි සටහන් වේ, තවද පැරණි තෙකලා මනුවල මනු තුනක් ඇතිවිටද මෙලෙස සදහන් වේ.)

9. පෙර මනු සටහන් කරන ලද දිනය.
9.1 පෙර මනු සටහන් කරන ලද කියවුම.

10. වර්තමාන මනු සටහන් කරන ලද දිනය.
10.1 වර්තමාන මනු සටහන් කරන ලද කියවීම.

11. ඉහත 10.1 න් 9.1 අඩුකර ලැබෙන අගය. මෙය ඔබ (10 ඇති දින ගනනින් 9 ඇති දින ගනන අඩුකරවිට ලැබෙන දින ගනන තුල භාවිතා කල ඒකක ගණනයි.)

12. ඉහත 11හි ඇති ඒකක ගනන අදාල දින ගනනට අනුව ඔබගේ අයක්‍රමයට කරන ලද ගනනයට අනුව ලැබෙන මෙය ඔබගේ ඉහත 11හි ඇති ඒකක ගණනට ඔබට ගෙවීමට ඇති මුදලයි.
12.1. මෙහි ඔබට ඇති සංශෝධන හා වට්ටම් පෙන්වයි.( ණයක්‍රමයන්ට ලබාගෙන ඇත්නම් එම වාරික, නොගෙවූ මුදලට අදාල පොළිය යනාදිය මෙහි සටහන් වෙයි මේ පිලිබන්ද වැඩි විස්තර සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

13. ගෙවියයුතු මුළු මුදල: ඉහත 12හි අගයට 7හි අගය එකතු කිරීමෙන් මෙය සෑදී ඇත.

Comments

  1. The Titanium White Wheels of Classic Car Rental - TITNIA
    This unique luxury car rental includes titanium scrap price six or eight different wheels for titanium plate every titanium dioxide formula dealer. The Titanium White wheels titanium tubing feature two double edge titanium sheet wheels,

    ReplyDelete

Post a Comment