තක්සේරු බිල්පත් ගැන ඔබ නොදත් කරුණු. What is the assessed bill ?




විදුලි බිල්පතෙහි "A" ලෙස (බොහෝ විට පාවිච්චි කළ ඒකක ගණන අසලින් "A" ලෙස ලියා රවුම් කර) ඇත්තේ තක්සේරු කරන ලද විදුලි පරිභෝජනයකි.

මනු කියවන්නා හට තක්සේරු බිල්පත් නිකුත් කිරීමේ හැකියාව ඇත. බොහෝවිට එය ඔබගේ
* මනුව අක්‍රීය වීම ,
* මනුව වෙතට ලගා වීමට නොහැකි වීම (ගේට්ටුව වසා ඇත්නම්, සපාකන බල්ලෙකු ඇත්නම්, මනුවවෙතට ලගාවන මාර්ගය අවහිරනම්, මනුව නිවස තුල නම්)
වැනි හේතු මත සිදුකරයි.


තක්සේරු බිල්පත සැකසෙන්නේ ඔබගේ පෙර මාස 6 ක භාවිතයේ සාමාන්‍ය සහ බිල්පත බිල්ගතවන දින ගනනට අදාලවයි.
උදාහරණයක් :
පෙර මාස 6 පරිභෝජනයේ එකතුව 60ක් නම්,
එහි සාමාන්‍ය 60/6 = 10කි,
(ඒකක 10 අදාල වන්නේ දින 30 කටය)
බිල්පත් ගතවන්නේ දින 32 කින් නම් ඔබගේ තක්සේරු ඒකක ගණන විය යුත්තේ (10/30)x32 = 10.67,
එමනිසා ඒකක 11ක තක්සේරු බිල්පතක් සැකසේ.


Comments