රතු නිවේදන සහ විදුලිය විසන්ධි කිරීම් නැති කරගමු. How to stop/avoid red notice and disconnection.



1. මාසය : මෙහි ඔබගේ බිල්පත බිල්ගතවන මාසය දක්වයි.

2. A-00 : මෙහි ඇත්තේ ඔබ අයත් ප්‍රාදේශීය කාර්‍යාලයෙහි සංකේතයයි. (00 ලෙස ඇත්තේ එහි අංකයයි)
A-111 : මෙහි A යනු ඔබ අයත් පාරිභෝගික සේවා මද්‍යස්තානයයි (ඩිපෝව ලෙසත් හදුන්වයි).111 යනු ට්‍රාන්ස්ෆෝමරයේ අංකයයි.

3.අය ක්‍රමය: (D-1 ගෘහස්ථ , G-1 ව්‍යාපාර , I-1 කර්මාන්ත , අනෙක් අයක්‍රම හා වැඩිදුර තොරතුරු  සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

4. පරිශ්‍ර අංකය : ඔබ සිටිනා පරිශ්‍රය දක්වයි.

5. ප්‍රාදේශීය කාර්‍යාලය : ඔබව අදාල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාලය දක්වයි.

6. ඇවිදයාමේ පිලිවෙල : බොහෝ දෙනා නොදන්නා කරුණක්. මනු කියවන තැනැත්තාගේ ඇවිදයාමේ පිලිවෙලයි.
මෙහි 11 යනු මනු කියවන්නාට ලබා දී ඇති අංකයයි, 22 යනු අදාල ගොනුවයි (සාමාන්‍යයෙන් මසකට ගොනු 24ක් එක් මනු කියවන්නෙකු සතුවේ.නමුත් ප්‍රාදේශීකයට අනුව එය වෙනස් විය හැක.), 333 යනු ඔබගේ නිවසට හිමි අංකයයි.(ඔබගේ අසල්වැසියා හට ඇත්තේ මීට පෙර හෝ පසු අංකයයි)

7.විදුලි ගිනුම් අංකය : ඉලක්කම් දහයකින් සමන්විත ගිනුම් අංකය ඔබටම වෙන් වූ අංකයකි. විදුලි බිල හෝ ඕනෑම විදුලි ගැටලුවකදී මෙය ඔබට අත්‍යාවශ්‍ය වේ. (විදුලි ගිනුම් අංකය පිළිබඳ තවත් ඔබ නොදත් කරුණු සදහා  www.facebook.com/cebinquiries වෙත පිව්සෙන්න.)

Comments